චෙම්මිණි සුසාන භූමියේ කැණීමෙන් මිනිස් ඇටසැකිළි 07ක් හමුවෙයි – පිරිසක් විරෝධතාවේ

යාපනය – චෙම්මිණි සුසාන භූමියේ කැනීම්වල දී සිරුරු 07ක ඇටසැකිළි හමු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, සමූහ මිනිස් වළක් ද, සුසාන භූමියක් ද සොයා අධිකරණයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයන් පරිදි මෙම කැණීම් කටයුතු සිදු කෙරෙනු බව කෝපායි පොලිසිය සඳහන් කළා.

මේ පිළිබඳ වාර්තාව හෙට (06) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා යාපනය අධිකරණ වෛද්‍යවරයාට හා පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මෙන් ම යාපනය සිවිල් සංවිධාන කිහිපයක් ම උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ පවුල් එකමතුව මගින් චෙම්මිණි සුසාන භූමිය ආසන්නයේ කැණීම් සිදු කරන ස්ථානය යුද සමයේ දී ක්‍රියාත්මක වූ සමූහ මිනී වළක් බවට සැක කරන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

එම නිසා එම භූමියේ කැණීම් කටයුතු ජාත්‍යන්තර නීතියට අනුව එම අධීක්ෂණයන් හමුවේ සිදු කළ යුතු බවටයි විරෝධතාවක් පවත්වමින් සඳහන් කරන්නේ.

පසුගිය පෙබරවාරි 16 වනදා මෙම සුසාන භූමියට අවශ්‍ය වන නවීන පහසුකමින් යුත් ආදාහනාගාරයක් ඉදිකිරීම උදෙසා නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම කොන්ත්‍රාත්කරු විසින් ආදාහනාගාරයට අවශ්‍ය වූ අත්තිවාරම් කැපීම සේවකයින් යොදා සිදු කරන අතරවාරයේ දී පොළොව යට තිබූ මිනිස් අස්ථි කොටස් හමුවීම හේතුවෙන් ඒ බව නල්ලූර් ප්‍රාදේශීය සභාවට දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34