රවී චෝදනාවට ලක් වූ බිලියන 36.98 නඩුව ගැන අධිකරණයෙන් දැඩි නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 36.98ක් මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් තීන්දුව ප්‍රකාශ කරන ලද බවයි.

ඒ අනුව රවී කරුණානායක මහතා අදාළ නඩුවල විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබු තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත් එම තීන්දුවට අදාළව කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දුවේ සඳහන්.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන මහතා කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස පළමු වැනිදා සහ 2016 වසරේ මාර්තු මස 31 වැනිදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවල දී අවිධිමත් සහ අක්‍රමිකතා සිදු වූ බවට පැමිණිලි ඉදිරිපත් වූ අතර මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවත් ප්‍රකාශ වී තිබෙන බවයි.

මෙම ක්‍රියාව තුළින් ජාතික ආර්ථිකය මෙන්ම මහජන විශ්වාසය ද බිඳ වැටීමට හේතු වූ බවත් තීන්දුවේ සඳහන්.

ඒ අනුව 2016 වසරේ නොවැම්බර් මස 25 වැනි දා එවක මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදු කළ ලිඛිත පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළා.

ඊට අමතරව මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිසමක් ද පත් කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලට අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සැකකරුවකු වශයෙන් නම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

ඉන් පසුව රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළ ආකාරයේ නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහි වරෙන්තුව බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

එහිදී ම නීතිපතිවරයා විසින් තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ පෙබරවාරි මස 28 වැනි දා එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය රවී කරුණානායක මහතා අදාළ නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව එම අභියාචනාධිකරණ තීන්දුවට විරුද්ධව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කළා.

ඒ පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රවී කරුණනායක මහතා විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් 2023 වසරේ පෙබරවාරි මස 28 වැනිදා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව ගාස්තුවකට යටත්ව ඉවත දමන බව සඳහන් කළා.

ඊට අමතරව මෙම කරුණට අදාළව රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ද නිශ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18