වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පෙදෙසේ පස්මහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා නමැති 59 හැවිරිදි දෙදරු පියෙක්.
මීට වසර තුනකට ඉහත දී වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණ පෙදෙස ව්‍යාපාරික නිවසට මුරකරුවකු සහ නිවසේ වැඩපළ කිරීම සඳහා පැමිණ තිබූ මියගිය පුද්ගලයා අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයක් මගින් ජනෙල් පියන් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී ශරීරයේ සමබරතාව ගිලිහී පහළට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
පහළට වැටුණු එම පුද්ගලයා එම ස්ථානයේ දී ම මියගොස් තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
7
+1
1
+1





