ප්ලේන් එකෙන් ඇවිත් බැහැපු නාවිකයා ආගමන විගමන නිලධාරීන්ට පහරදීලා

කටුනායක ගුවන් තොටුපොළ තුළ රාජකාරී කටයුතුවල නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකුට, බීමත්ව, කළහකාරී ලෙස හැසිරෙමින් පහර දුන් ගුවන් මගියෙකු ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, නැවක සේවය කරන නාවිකයෙකු බවයි.

ඔහු ඊයේ දින රාත්‍රී 09.35 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණි බීමතින් සිටි ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන නිශ්කාශන රාජකාරී කටයුතුවල නිරත වී සිටි, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකුට, සිය රාජකාරී කටයුතුවලට බාධා වන අයුරින් කළහකාරී ලෙස හැසිරෙමින් පහරදීමක් සිදු කර ඇති බවයි වාර්තා වූයේ.

එම නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු බීමතින් සිටි බවට කරුණු සනාථ වී තිබෙනවා.

මෙම ගුවන් මගියා අද (04) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?