ත්‍රිකුණාමලයේ කුචාවලි සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් අදාළ උපදෙස් ලබාදෙනු ලැබූ බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉහත වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි බවත්, ඊළඟ පියවර ඉන් පසුව ගත හැකි බවත් ධීවර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
ත්‍රිකුණාමලයේ කුචාවලි මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් ඊයේ (03) සිදු කළ බව කියන වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලැබුවා.
මෙය අමාත්‍යවරයාගේ අවධානයට යොමු ව ඇති බවත් එබැවින් අදාළ සිදුවීම ගැන අමාත්‍යවරයා විසින් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.





