ත්‍රී’මලේ කුචාවලි සිද්ධිය ගැන ධීවර ඇමති නාවික හමුදාවෙන් වාර්තාවක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ කුචාවලි සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් විසින් අදාළ උපදෙස් ලබාදෙනු ලැබූ බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉහත වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි බවත්, ඊළඟ පියවර ඉන් පසුව ගත හැකි බවත් ධීවර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ත්‍රිකුණාමලයේ කුචාවලි මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් ඊයේ (03) සිදු කළ බව කියන වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලැබුවා.

මෙය අමාත්‍යවරයාගේ අවධානයට යොමු ව ඇති බවත් එබැවින් අදාළ සිදුවීම ගැන අමාත්‍යවරයා විසින් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33