යතුරුපැදියක සඟවාගෙන කංසා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන යමින් සිටි ‘ සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කොස්ගොඩ පොලිසිය විසින් සැකකාරිණිය අත් අඩංගුවට ගනු ලැබුවේ මාර්ගයේ රථ වාහන පරීක්ෂාවකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
ඊයේ (03) පස්වරුවේ කොස්ගොඩ – අහුංගල්ල මාර්ගයේ මාර්ග සෝදිසියක දී මෙම කාන්තාව ඇය ගමන් කරමින් සිටි යතුරුපැදිය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ කංසා කිලෝග්‍රෑමයක් ද සමගින්.
සැකකාරිණිය එම ප්‍රදේශයේ සිදු කරගෙන යන කුරුඳු තැලීම් සිදු කරන වාඩිවලට මෙම කංසා විකිණීම් සිදු කරන බවට ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.
ඇය මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කළ තැනැත්තියක්.
අත්අඩංගුවට ගත් කාන්තාව අද (04) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





