කංසා සමග සුද්දී යතුරුපැදියකින් යමින් සිටියදී අල්ලයි

යතුරුපැදියක සඟවාගෙන කංසා මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන යමින් සිටි ‘ සුද්දි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් සැකකාරිණිය අත් අඩංගුවට ගනු ලැබුවේ මාර්ගයේ රථ වාහන පරීක්ෂාවකදී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (03) පස්වරුවේ කොස්ගොඩ – අහුංගල්ල මාර්ගයේ මාර්ග සෝදිසියක දී මෙම කාන්තාව ඇය ගමන් කරමින් සිටි යතුරුපැදිය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ කංසා කිලෝග්‍රෑමයක් ද සමගින්.

සැකකාරිණිය එම ප්‍රදේශයේ සිදු කරගෙන යන කුරුඳු තැලීම් සිදු කරන වාඩිවලට මෙම කංසා විකිණීම් සිදු කරන බවට ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබෙනවා.

ඇය මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කළ තැනැත්තියක්.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (04) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16