හැටන් – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

නායයෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක පමණ කොටසක් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට මෙලෙස අද (03) දින සීමා කිරීමට නානුඔය පොලිසිය කටයුතු කළ බවයි.

එම ප්‍රධාන මාර්ගයට ඉහළින් විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමග එම කොටස නායයෑමේ අවදානමක් පවතින නිසා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නිවසක පැති බැම්මක් ද ඊයේ (02) දින කඩා වැටී ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46