මහ රෑ විසඳගන්න ගිය ඉඩම් ආරවුල මරණයකින් කෙළවර වෙලා

ඉඩම් ආරවුලක් මුල් කර ගෙන ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් ඇති වූ ගැටුමක දී සිදුකළ පිහි ඇණුමක දී එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මාරවිල, කටුනේරිය, ශාන්ත අන්තෝනි මාවතේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා දමිත් මධුර අසංග නැමැති වයස අවුරුදු 43ක පුද්ගලයෙක් වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය ලක්වූ පුද්ගලයා තියුණු ආයුධයක් ද සහිතව ඥාතියෙකුගේ නිවසකට ගොස් බහින් බස්වීමක් ඇති කර ගෙන ඇති බවත්, ඉඩම් ආරවුලක් ඊට හේතුව වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

බහින් බස්වීම දුරදිග ගොස් එම පුද්ගලයා එහි සිටි පුද්ගලයෙකුට අතේ තිබූ තියුණු ආයුධයෙක් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ අනෙක් පුද්ගලයා ද උල් ආයුධයකින් එම පුද්ගලයාට ද පහර දී ඇති අතර, සිද්ධියෙන් දෙදෙනාම තුවාල ලබා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුව ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

24 හැවිරිදි වියේ පසුවන අනෙක් තුවාලකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08