කොස් ගෙඩියක් වහලය කඩාගෙන පස්මස් ගැබිණියගේ කුස උඩට වැටිලා – කුසේ සිටි බිළිඳා මරුට

නිවසක් තුළ නිදා සිටි ගැබිණි මවකගේ කුසක් මතට කොස් ගෙඩියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කුසේ සිටි බිළිඳා මියගිය අවාසනාවන්ත පුවතක් දැරණියගල, ලිහිණියගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

33 හැවිරිදි වියේ පසුවන පස්මස් ගැබිණි මවක් පසුගිය 29 වනදා නිවසේ නිදා සිටියේ රාත්‍රී 11.00ට පමණ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

පැවති අයහපත් කාලගුණයත් සමඟ නිවස ආසන්නයේ තිබූ කොස් ගසක ගෙඩියක් නිවසේ වහලය කඩාගෙන නිදාසිටි මවගේ කුස මතට වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව ඇයව වහාම දැරණියගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, කෙසේ වෙතත් කුස තුළ සිටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැහැ.

මෙම මේ වනවිට කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
32
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?