කොස් ගෙඩියක් වහලය කඩාගෙන පස්මස් ගැබිණියගේ කුස උඩට වැටිලා – කුසේ සිටි බිළිඳා මරුට

නිවසක් තුළ නිදා සිටි ගැබිණි මවකගේ කුසක් මතට කොස් ගෙඩියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කුසේ සිටි බිළිඳා මියගිය අවාසනාවන්ත පුවතක් දැරණියගල, ලිහිණියගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

33 හැවිරිදි වියේ පසුවන පස්මස් ගැබිණි මවක් පසුගිය 29 වනදා නිවසේ නිදා සිටියේ රාත්‍රී 11.00ට පමණ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

පැවති අයහපත් කාලගුණයත් සමඟ නිවස ආසන්නයේ තිබූ කොස් ගසක ගෙඩියක් නිවසේ වහලය කඩාගෙන නිදාසිටි මවගේ කුස මතට වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව ඇයව වහාම දැරණියගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, කෙසේ වෙතත් කුස තුළ සිටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැහැ.

මෙම මේ වනවිට කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14