මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායමට ඊයේ (31) හැකියාව ලැබුණා.
යුරෝපීය චැම්පියන්ස් ලීගයේ අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායමට එරෙහිව ජයගනිමින් ඉතිහාසයේ පළමු වරට යුරෝපා චැම්පියන්ස් ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීමට ප්‍රංශ ප්‍රේක්ෂකයින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත්තා.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
ඊට අමතරව 190 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් නවදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය මාධ්‍යයේ පැරීසියේ කඩ සප්පු ද කොල්ල කා ඇති බවයි පැරිස් පොලිසිය සඳහන් කළේ.
මෙම පිරිස් පාලනය කිරීම සඳහා 5,000කට අධික පොලිස් නිලධාරින් පිරිසක් යොදවා ඇති බව පැරිස් පොලිසියේ ප්‍රධානියා පැවසුවා.



