අමුතුම ක්‍රමේකට මූල්‍ය ආයතනයකින් සල්ලි කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

බදුල්ල නගරයේ පිහිටි රජයේ බැංකුවක උකස්කර ඇති රන් භාණ්ඩ කිහිපයක් එම බැංකුවෙන් බේරාගෙන පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කරන බව පවසා එම ආයතනයෙන් රුපියල් ලක්ෂ 22 කට වැඩි මුදලක් කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඇල්ල, ඉඩම්ගොඩ සහ බලංගොඩ,වැගපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 සහ 44 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා පෙරදා (30) දහවල් බදුල්ල නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් වෙත පැමිණ, බදුල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ කිහිපයක් උකස් තබා ඇති බවත් එම රන් ආභරණ සින්නවීමට ආසන්න බැවින්, එවා බේරාගැනීමට මුදල් ලබාදෙන ලෙස එම ආයතනනයෙක් ඉල්ලීමක් කර තිබෙනවා.

එලෙස බේරාගන්න රන් භාණ්ඩ අදාළ පෞද්ගලික මූල්‍ය ආයතනයේ තැන්පත් කරන බවත් ඔවුන් එහිදී පවසා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ඉල්ලීම පරිදි එම ආයතනයේ නියෝජිතයෙක් රුපියල් 2,273,890ක මුදලක් රැගෙනවිත් බැංකුව තුළ දී සැකකරුවන් දෙදෙනාට ලබාදීමෙන් පසු ඔවුන් දෙදෙනා එම මුදල් රැගෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පළාගිය සැකකරුවන් පස්සර, හිඟුරුකඩුව මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර යතුරුපැදිය කරමැටිය පාර නැමැති අතුරු මාර්ගයකට හරවනු දැක ඇති කාන්තාවක් මොවුන් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත මොවුන් පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණ ඇති පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, ඔවුන්ව පරික්ෂා කිරීමේ දී සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී සැකකරුවන් සන්තකයේ තිබූ ගමන් බෑගයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී කොල්ල කෑ මුදල්, දුරකථන පහක්, පිහියක් සහ ව්‍යාජ රන් අභරන කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී මීට අවස්ථා ⁣දෙකක දී ගල්කිස්ස සහ රත්නපුර යන ප්‍රදේශවල එලෙස ලක්ෂ ගණින් මුදල් වංචා සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
17
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?