අමුතුම ක්‍රමේකට මූල්‍ය ආයතනයකින් සල්ලි කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

බදුල්ල නගරයේ පිහිටි රජයේ බැංකුවක උකස්කර ඇති රන් භාණ්ඩ කිහිපයක් එම බැංකුවෙන් බේරාගෙන පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කරන බව පවසා එම ආයතනයෙන් රුපියල් ලක්ෂ 22 කට වැඩි මුදලක් කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඇල්ල, ඉඩම්ගොඩ සහ බලංගොඩ,වැගපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 සහ 44 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා පෙරදා (30) දහවල් බදුල්ල නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් වෙත පැමිණ, බදුල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ කිහිපයක් උකස් තබා ඇති බවත් එම රන් ආභරණ සින්නවීමට ආසන්න බැවින්, එවා බේරාගැනීමට මුදල් ලබාදෙන ලෙස එම ආයතනනයෙක් ඉල්ලීමක් කර තිබෙනවා.

එලෙස බේරාගන්න රන් භාණ්ඩ අදාළ පෞද්ගලික මූල්‍ය ආයතනයේ තැන්පත් කරන බවත් ඔවුන් එහිදී පවසා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ඉල්ලීම පරිදි එම ආයතනයේ නියෝජිතයෙක් රුපියල් 2,273,890ක මුදලක් රැගෙනවිත් බැංකුව තුළ දී සැකකරුවන් දෙදෙනාට ලබාදීමෙන් පසු ඔවුන් දෙදෙනා එම මුදල් රැගෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පළාගිය සැකකරුවන් පස්සර, හිඟුරුකඩුව මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර යතුරුපැදිය කරමැටිය පාර නැමැති අතුරු මාර්ගයකට හරවනු දැක ඇති කාන්තාවක් මොවුන් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත මොවුන් පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණ ඇති පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර, ඔවුන්ව පරික්ෂා කිරීමේ දී සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී සැකකරුවන් සන්තකයේ තිබූ ගමන් බෑගයක් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී කොල්ල කෑ මුදල්, දුරකථන පහක්, පිහියක් සහ ව්‍යාජ රන් අභරන කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී මීට අවස්ථා ⁣දෙකක දී ගල්කිස්ස සහ රත්නපුර යන ප්‍රදේශවල එලෙස ලක්ෂ ගණින් මුදල් වංචා සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09