ලෝක රූ රැජිණ කිරුළ දිනූ කවුද මේ සුන්දර ඔපල් සුචතා (ඡායාරූප)

72 වන ලෝක රූ රැජිණ තරගය ඊයේ (31) රාත්‍රියේ හයිද්‍රාබාද් හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා.

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ ඔපල් සුචතා චුවාංස්රිට හැකියාව ලැබුණා.

කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ සමබරතාවය, විශ්වාසය සහ කැපවීම තුළින් ඇය මෙම කිරුළ දිනා ගත්තා.

22 හැවිරිදි ඔපල් සුචතා ලොව පුරා තරඟකරුවන් 100 කට වැඩි පිරිසක් අභිබවායමින් මෙම කිරුළ ජයග්‍රහණය කිරීම විශේෂත්යක්.

ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරෙජේ ඇඩ්මාසු 72 වන ලෝක රූ රැජිණ තරගයේ අනුශූරතාව ජයග්‍රහණය කළා.

මෙවර ලෝක රූ රැජින කිරුළ දිනූ ඔපල් සුචතා2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලබා ඇති අතර, ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවක් ද වනවා.

2024 වසරේ දී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනිමින් ඔපල් සුචතා 72 වන ලෝක රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වුණා.

මේ වනවිට තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින ඇය ත්‍රයිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව සුරතල සතුන්ට දැඩිලෙස ආදරය දක්වන තැනැත්තියක් වන ඇය සතුව බළලුන් දහසය දෙනෙකු සහ බල්ලන් පස් දෙනෙකු සිටිනවා.

එමෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශිෂ්‍යාවක් වන ඔපල් සුචතා තානාපතිවරියක් වීමට කැමැත්තෙන් පඩුවන බවයි පවසා ඇත්තේ.

ඔපල් මනෝවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අතරම, ඇය පියයුරු පිළිකා වෙනුවෙන් සටන් කරන සංවිධාන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහයෝගය දක්වන තැනත්තියක් ද වනවා.

මේ අතර සති ගණනාවක් පුරා අංශ කිහිපයක් ඔස්සේ පැවති 72 වන ලෝක රූ රැජිණ තරගයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2024 ලෝක රූ රැජින ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ජයග්‍රාහිකාව වූ ඔපල් සුචතා චුවාංස්රිට කිරුළු පළඳවනු ලැබුවා.

GsUOmiMaoAAgPbW
GsSuQKAaMAQzPep
GsSnqCibIAA70Rv
250531 Opal Suchata Chuangsri ch 1440 8617fd
GsTMPV aMAAtgzy
GsS1LLVbcAAWCHa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
174
+1
19
+1
53
+1
7
+1
12
+1
12
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26