හොරෙන් ගෙන ආ රට දුම්වැටි ලක්ෂ 31ක් විනාශ කෙරේ

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙම වසරේ පළමු මාස 03 තුළ කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේ දී ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීම අද (30) සිදු කෙරුණා.

විදේශීය දුම්වැටි ලක්ෂ 31ක් මෙලෙස විනාශ කෙරුණු අතර, එම දුම්වැටි තොගය විනාශ කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම වෙත භාරදීම සිදුකෙරුණේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධනත්වයෙන්.

මෙම දුම්වැටි තොගය විනාශ කිරීම කෙරවලපිටිය කසල කළමනාකරණ පුනර්ජනනීය බලශක්ති ඒකකයේ දී සිදුකෙරුණු අතර, එලෙස විනාශ කළ විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 473 කට අධිකයි.

මෙම දුම්වැටි තොගයෙන් රජයට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 1,220 කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..අපි ළඟදිම ගල් අඟුරු කොමිසමට යනවා
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29
Video thumbnail
"බස් එක ගන්න එහාට..බස් එක ගන්න"වන අලි රංචුවක් විදුලි වැටත් කඩාගෙන වනාන්තරයට යන හැටි
01:51
Video thumbnail
කැලඹුණු කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54