හොරෙන් ගෙන ආ රට දුම්වැටි ලක්ෂ 31ක් විනාශ කෙරේ

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙම වසරේ පළමු මාස 03 තුළ කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේ දී ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීම අද (30) සිදු කෙරුණා.

විදේශීය දුම්වැටි ලක්ෂ 31ක් මෙලෙස විනාශ කෙරුණු අතර, එම දුම්වැටි තොගය විනාශ කිරීම සඳහා ලංකා දුම්කොළ සමාගම වෙත භාරදීම සිදුකෙරුණේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධනත්වයෙන්.

මෙම දුම්වැටි තොගය විනාශ කිරීම කෙරවලපිටිය කසල කළමනාකරණ පුනර්ජනනීය බලශක්ති ඒකකයේ දී සිදුකෙරුණු අතර, එලෙස විනාශ කළ විදෙස් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 473 කට අධිකයි.

මෙම දුම්වැටි තොගයෙන් රජයට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 1,220 කට ආසන්න බවයි රේගුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?