AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ අඩි දහසක් උස ගොඩනැගිල්ලක් අත්භූත ලෙස සෙලවෙයි – දහස් ගණනක ජනතාවක් මර බියෙන් පැන දුවයි

දකුණු චීනයේ පිහිටි ජනාකීර්ණ නගරයක් වන ෂෙන්සෙන් හී අඩි 984ක් (මීටර් 300ක්) උස නිවාස සංකීර්ණයක් සහ කාර්යාල පිහිටි දැවැන්ත ගොඩනැගිල්ලක් එක්වරම දෙදරුම් දෙමින් සෙලවී තිබේ.

චීනය එම පළාත තුළ කිසිදු ආකාරයක භූමි කම්පා තත්ත්වයක් වාර්තා වී නොමැති බවට බලධාරීන් පවසා සිටි අතර ගොඩනැගිල්ලේ සිටි සියලු ජනතාවට වහාම ඉවත් වෙන ලෙස පවසා තිබේ.

මෙම ගොඩනැගිල්ල සෙලවෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණු අතර ගොඩනැගිල්ල අවට සිටි ජනතාව බියට පත්ව සෑම තැනකම දිව යන ආකාරය දැකගත හැකි විය.

ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයෙකු විසින් සෙලවීම වීඩියෝගත කර තිබුණු අතර එහිදී ද ගොඩනැගිල්ලේ දෙදරුම් දීම දැකගත හැකි විය.

ෂෙන්සෙන් නගරයේ පිහිටි විශාලම ගොඩනැගිල්ලත් මෙය වන අතර චිනයේ උසම ගොඩනැගිලිවලින් එකක්ද වෙයි. මෙම ගොඩනැගිල්ල තුළ නිවාස සංකීර්ණයක්, සාප්පු සංකීර්ණයක් සහ කාර්යාල සංකීර්ණයක් ද තිබී ඇත.

ජනතාව ඉවත් කිරීමෙන් පසුව බලධාරීන් විසින් ගොඩනැගිල්ල මුද්‍රා තිබෙන අතර එම ප්‍රදේශය ආවරණය වන පරිදි භූමිකම්පා පරික්ෂාවක්ද සිදු කර තිබුණු අතර එහිදී කිසිදු ආකාරයක භූ කම්පනයක් වාර්තා වී නොමැත.

ගොඩනැගිල්ලට කුමක් සිදු වුණේදැයි සෙවීමට මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර තිබේ.

ගොඩනැගිල්ල සෙලවෙන ආකාරය සහ ජනතාව බියෙන් පලා යන ආකාරය දැක්වෙන වීඩීයෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?