චීනයේ අඩි දහසක් උස ගොඩනැගිල්ලක් අත්භූත ලෙස සෙලවෙයි – දහස් ගණනක ජනතාවක් මර බියෙන් පැන දුවයි

දකුණු චීනයේ පිහිටි ජනාකීර්ණ නගරයක් වන ෂෙන්සෙන් හී අඩි 984ක් (මීටර් 300ක්) උස නිවාස සංකීර්ණයක් සහ කාර්යාල පිහිටි දැවැන්ත ගොඩනැගිල්ලක් එක්වරම දෙදරුම් දෙමින් සෙලවී තිබේ.

චීනය එම පළාත තුළ කිසිදු ආකාරයක භූමි කම්පා තත්ත්වයක් වාර්තා වී නොමැති බවට බලධාරීන් පවසා සිටි අතර ගොඩනැගිල්ලේ සිටි සියලු ජනතාවට වහාම ඉවත් වෙන ලෙස පවසා තිබේ.

මෙම ගොඩනැගිල්ල සෙලවෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණු අතර ගොඩනැගිල්ල අවට සිටි ජනතාව බියට පත්ව සෑම තැනකම දිව යන ආකාරය දැකගත හැකි විය.

ගොඩනැගිල්ල තුළ සිටි පුද්ගලයෙකු විසින් සෙලවීම වීඩියෝගත කර තිබුණු අතර එහිදී ද ගොඩනැගිල්ලේ දෙදරුම් දීම දැකගත හැකි විය.

ෂෙන්සෙන් නගරයේ පිහිටි විශාලම ගොඩනැගිල්ලත් මෙය වන අතර චිනයේ උසම ගොඩනැගිලිවලින් එකක්ද වෙයි. මෙම ගොඩනැගිල්ල තුළ නිවාස සංකීර්ණයක්, සාප්පු සංකීර්ණයක් සහ කාර්යාල සංකීර්ණයක් ද තිබී ඇත.

ජනතාව ඉවත් කිරීමෙන් පසුව බලධාරීන් විසින් ගොඩනැගිල්ල මුද්‍රා තිබෙන අතර එම ප්‍රදේශය ආවරණය වන පරිදි භූමිකම්පා පරික්ෂාවක්ද සිදු කර තිබුණු අතර එහිදී කිසිදු ආකාරයක භූ කම්පනයක් වාර්තා වී නොමැත.

ගොඩනැගිල්ලට කුමක් සිදු වුණේදැයි සෙවීමට මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර තිබේ.

ගොඩනැගිල්ල සෙලවෙන ආකාරය සහ ජනතාව බියෙන් පලා යන ආකාරය දැක්වෙන වීඩීයෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16