කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටී දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.
කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම මෙලෙස ගස් කඩා වැටී තිබෙන බවයි දසත වාර්තාකරු පැවසුවේ.
ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 06කට ද හානි සිදු ව තිබෙනවා.
කෙසේවෙතත් එම නිවැසියන්ට ඉන් හානියක් සිදු ව නැහැ.
මේ අතර ඊයේ රාත්‍රී 11.45 ත් 11.55 ත් අතර කාලය තුළ දී වැස්සත් සමඟ හමා ගිය දැඩි සුළඟකින් හෝමාගම – ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ජයබිම ප්‍රදේශයේ නිවාස 15කට පමණ ද දැඩි හානි සිදු ව තිබෙනවා.
එම ප්‍රදේශය හරහා හමා ගිය සුළඟින් නිවාස ගණනාවකම වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති අතර ගස් ඉදිරි වැටීම නිසා ද හානි රැසක් සිදු ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.





