කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ පද්ධතියේ සති දෙකක පමණ සිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දසත ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ, E03 – කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ ETC (Electronic Toll Collection System) පහසුකම ලබා ඇති පාරිභෝගිකයන් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි.
ETC පහසුකම භාවිත කරන පාරිභෝගික ජනතාව සිය ගෙවීම් නිසි පරිදි සිදු කර තිබුණ ද, එය අදාළ ගෙවීම් පද්ධතියට ඇතුළත් වීමට දින දෙකක් හෝ තුනක කාලයක් ගත වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම අවස්ථාවල දී සිය ගමන්බිමන් කටයුතු සිදු කරන ජනතාවට ETC තාක්ෂණය හරහා පහසුකම ලබා ගැනීමට පෙර සිට ගෙවීම් කටයුතු සිදු කළ ද, ඒවා යාවත්කාලීන වීම නොවීම මත සිදු ව ඇත්තේ නැවතත් අතින් මුදල් ගෙවීමෙන් පසුවයි.
මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ETC අංශයට ද ඇතැම් පාරිභෝගික ජනතාව පැමිණිලි කර ඇති බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබී ඇති බවත් දසත අප කළ සොයා බැලීමේ දී අනාවරණය වුණා.















