රාජගිරියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද (27) දහවල් ගින්නක් හටගත්තා.

පෞද්ගලික ආයතනයක හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ හතරක් යොදවා තිබුණා.

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට හැකියාව ලැබී ඇති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවයි සැකපළ කරන්නේ.

අපිළිවෙලට ගබඩා කර තිබූ මෙම ආයතනයේ භාණ්ඩ හේතුවෙන්, ගින්න නිවීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි ගිනි නිවන ඒකකයේ ප්‍රධානීන් මාධ්‍ය වෙත පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?