ගමේ පන්සලේ කරඬුවෙන් මැණික් හතරක් ඉස්සූ අයෙක් අත්අඩංගුවට

ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට ඇතුළු වී එහි විහාර ගෙය බිඳ කරඬුවේ තිබූ මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 21 වනදා මෙම සොරකම සිදුව ඇති අතර, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව සොරකමට සම්බන්ධ සැකකරු ඊයේ (26) බකමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 38ක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සිදුකළ අනාවරණය කිරීම්වල දී සොරාගන්නා ලද නිල් පැහැති මැණික් ගල් 04ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා කිලෝග්‍රෑම් 4.65ක් ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු අද (27) දින නාඋල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?