AFC Banner
Empty Ad
Empty Ad

‘The Voice’ පොකුර වැඩි වෙයි – වැඩසටහන ගැන තීන්දුව ගනියි

සිරස TV ඔස්සේ විකාශය වන “ද වොයිස්” (The Voice) වැඩසටහන පිළිබඳව ඊයේ (17) සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

එයට හේතු වූයේ එම වැඩසටහනට සහභාගී වන ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.

මේ අතර සිරස TV ආයතනයේ සේවය කරන ශිල්පියෙකු ද කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට හඳුණාගෙන ඇති බව වාර්තා වෙනවා. 

මෙම තත්ත්වයත් සමග “ද වොයිස්” (The Voice) වැඩසටහනෙහි පටිගත කිරීමේ කටයුතු සියල්ල අත්හිටුවීමටයි මේවන විට සිරස TV ආයතනය තීරණය කර තිබෙන්නේ.

සිරස TV අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව තහවුරු කළා.

ගායන ශිල්පී භාතිය ජයකොඩි ආසාදනය වී ඇත්තේ ද සිරස මැදිරි සංකීර්ණය ඔස්සේ බවටයි මේවන විට සැක කෙරෙන්නේ.

භාතිය ජයකොඩි හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වූ පුවත් පළ වීමත් සමග ඒ පිළිබඳව සමාජයේ කතා බහක් ගොඩ නැගුනේ මේවන විට ජනප්‍රිය වී ඇති “ද වොයිස්” (The Voice) රූපවාහිනී වැඩසටහන ද එයට සම්බන්ධ කර ගනිමින්.

භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන ගායන යුගලය (BnS) මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇත්තේ විනිසුරුවරුන් සහ පුහුණුකරුවන් ලෙසින්.

එමෙන්ම “ද වොයිස්” වැඩසටහන තුළ කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ ශෂිකා නිසංසලා යන ගායන ශිල්පීන් ද විනිසුරුවරුන් සහ පුහුණුකරුවන් ලෙසින් ක්‍රියා කරනවා.

මෙම එක් එක් ශිල්පීන්ට වෙන වෙනම කණ්ඩායම් වශයෙන් තරගකරුවන් භාරව සිටින අතර සමාජ ජාල තුළ අදහස් දක්වා ඇති “ද වොයිස්” වැඩසටහනේ ප්‍රේක්ෂකයින් ප්‍රශ්ණ කළේ භාතිය ජයකොඩි කොවිඩ් ආසාදිත වීමත් සමග අනෙක් ශිල්පීන් සහ තරගකරුවන් අවදානම් තත්ත්වයකට පත් වී නොමැති ද යන්නයි.

ගීත විනිශ්චය කිරීමේ දී මෙම ගායන ශිල්පීන් පස් දෙනාම ඉතා ලඟින් වාඩි වී සිටින අතර ගීත පුහුණු කිරීමේ දී ද මෙම ශිල්පීන් තරගකරුවන් සමග සමීපව කටයුතු කරන බව “ද වොයිස්” වැඩසටහනේ දර්ශනම සාක්ෂි දරනවා.

මෙවන් තත්ත්වයක් මත “ද වොයිස් කොවිඩ් පොකුරක්” බිහි වීමේ අවදානමක් ඇති බවටයි අදාළ රූපවාහිනී වැඩසටහනේ ප්‍රේක්ෂකයින් මත පළ කරමින් සිටියේ.

කෙසේ වෙතත් සන්තුෂ් වීරමන්, කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ ශෂිකා නිසංසලා යන ශිල්පීන් හෝ භාතිය ජයකොඩිගේ කණ්ඩායමේ තරගකරුවන් හෝ ආශ්‍රිතයින් ලෙස හඳුණාගෙන ඇත්දැයි යන්න පිළිබඳව මේවන තෙක් වාර්තා වන්නේ නැහැ.

සබැඳි පුවත්: – ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?