‘The Voice’ පොකුර වැඩි වෙයි – වැඩසටහන ගැන තීන්දුව ගනියි

සිරස TV ඔස්සේ විකාශය වන “ද වොයිස්” (The Voice) වැඩසටහන පිළිබඳව ඊයේ (17) සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

එයට හේතු වූයේ එම වැඩසටහනට සහභාගී වන ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.

මේ අතර සිරස TV ආයතනයේ සේවය කරන ශිල්පියෙකු ද කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට හඳුණාගෙන ඇති බව වාර්තා වෙනවා. 

මෙම තත්ත්වයත් සමග “ද වොයිස්” (The Voice) වැඩසටහනෙහි පටිගත කිරීමේ කටයුතු සියල්ල අත්හිටුවීමටයි මේවන විට සිරස TV ආයතනය තීරණය කර තිබෙන්නේ.

සිරස TV අභ්‍යන්තර ආරංචි මාර්ග මේ බව තහවුරු කළා.

ගායන ශිල්පී භාතිය ජයකොඩි ආසාදනය වී ඇත්තේ ද සිරස මැදිරි සංකීර්ණය ඔස්සේ බවටයි මේවන විට සැක කෙරෙන්නේ.

භාතිය ජයකොඩි හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වූ පුවත් පළ වීමත් සමග ඒ පිළිබඳව සමාජයේ කතා බහක් ගොඩ නැගුනේ මේවන විට ජනප්‍රිය වී ඇති “ද වොයිස්” (The Voice) රූපවාහිනී වැඩසටහන ද එයට සම්බන්ධ කර ගනිමින්.

භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන ගායන යුගලය (BnS) මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇත්තේ විනිසුරුවරුන් සහ පුහුණුකරුවන් ලෙසින්.

එමෙන්ම “ද වොයිස්” වැඩසටහන තුළ කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ ශෂිකා නිසංසලා යන ගායන ශිල්පීන් ද විනිසුරුවරුන් සහ පුහුණුකරුවන් ලෙසින් ක්‍රියා කරනවා.

මෙම එක් එක් ශිල්පීන්ට වෙන වෙනම කණ්ඩායම් වශයෙන් තරගකරුවන් භාරව සිටින අතර සමාජ ජාල තුළ අදහස් දක්වා ඇති “ද වොයිස්” වැඩසටහනේ ප්‍රේක්ෂකයින් ප්‍රශ්ණ කළේ භාතිය ජයකොඩි කොවිඩ් ආසාදිත වීමත් සමග අනෙක් ශිල්පීන් සහ තරගකරුවන් අවදානම් තත්ත්වයකට පත් වී නොමැති ද යන්නයි.

ගීත විනිශ්චය කිරීමේ දී මෙම ගායන ශිල්පීන් පස් දෙනාම ඉතා ලඟින් වාඩි වී සිටින අතර ගීත පුහුණු කිරීමේ දී ද මෙම ශිල්පීන් තරගකරුවන් සමග සමීපව කටයුතු කරන බව “ද වොයිස්” වැඩසටහනේ දර්ශනම සාක්ෂි දරනවා.

මෙවන් තත්ත්වයක් මත “ද වොයිස් කොවිඩ් පොකුරක්” බිහි වීමේ අවදානමක් ඇති බවටයි අදාළ රූපවාහිනී වැඩසටහනේ ප්‍රේක්ෂකයින් මත පළ කරමින් සිටියේ.

කෙසේ වෙතත් සන්තුෂ් වීරමන්, කසුන් කල්හාර, උමාරියා සිංහවංශ සහ ශෂිකා නිසංසලා යන ශිල්පීන් හෝ භාතිය ජයකොඩිගේ කණ්ඩායමේ තරගකරුවන් හෝ ආශ්‍රිතයින් ලෙස හඳුණාගෙන ඇත්දැයි යන්න පිළිබඳව මේවන තෙක් වාර්තා වන්නේ නැහැ.

සබැඳි පුවත්: – ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38