වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසරේ සිසුවියක් විද්‍යාපීඨ පරිශ්‍රයේදී සියදිවි හානිකර ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියළු පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර දැනට මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් විද්‍යාපීඨයේ පීඨාධිපතිගෙන් ලබාගෙන ඇති අතර, අමාත්‍යාංශයේ නිලධාරියෙක් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සමස්ථ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියේ පරිපාලන හා අධ්‍යාපන කටයුතු සමාලෝචනය කර සිදුකළ යුතු වෙනස්කම් කඩිනමින් සිදු කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ පවුලේ සමාජිකයන් වෙත සාතිශය සංවේගය පලකරන බව ද ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.



