වයඹ ගුරු සිසුවිය සියදිවි නසාගැනීම ගැන විමර්ශනයකට පරීක්ෂණ මණ්ඩලයක්

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසරේ සිසුවියක් විද්‍යාපීඨ පරිශ්‍රයේදී සියදිවි හානිකර ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියළු පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර දැනට මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් විද්‍යාපීඨයේ පීඨාධිපතිගෙන් ලබාගෙන ඇති අතර, අමාත්‍යාංශයේ නිලධාරියෙක් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමස්ථ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියේ පරිපාලන හා අධ්‍යාපන කටයුතු සමාලෝචනය කර සිදුකළ යුතු වෙනස්කම් කඩිනමින් සිදු කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ පවුලේ සමාජිකයන් වෙත සාතිශය සංවේගය පලකරන බව ද ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04