ඖෂධවල හිඟයට හේතුව සෞඛ්‍ය ඇමති පහදයි

වර්තමානයේ පවතින ඇතැම් ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි, නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊට හොඳම උදාහරණයක් ලෙස 2025 වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම සඳහා, 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.

පසුගිය වසර කිහිපයක් තුළ ප්‍රම්පාදන ක්‍රියාවලිය අතරමග නවත්වා තිබුණු ඖෂධ වර්ග 233 ක් සඳහා ටෙන්ඩර් මේ වන විට ලබා දී තිබෙන බවත්, 2025 මෙම වසරේ පළමු මාස 05 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග 233ක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධවලින් 65%ක් මෙරටට ආනයනය කරන ඖෂධ වන බවත්, එමෙන්ම 35% ක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවත්, ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ආරම්භක අවස්ථාවේ සිට ඖෂධ ලබාගෙන බෙදාහැරීම දක්වා මාස 09ක පමණ දීර්ඝ කාලයක් ගතවන අතිශය සංකීර්ණ කාර්යක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

“මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකට යම් කාලයක් ගත වනවා. 2026 ලබන වසර සඳහා රාජ්‍ය ඖෂධ තීතිගත සංස්ථාව මගින් ඖෂධ වර්ග 450 ක් සැපයිය යුතුයි. ඒ 450 න් 435 කට අඳාළ ටෙන්ඩර් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන්නේ. එයින් 418 කම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් අවසන්. එයින් ඖෂධ වර්ග 325 ක් අවශ්‍ය ඇගයීම් කටයුතු සදහාත් මේ වන විටත් යවා අවසන්. අපි මේ දිනවල ශ්‍රී ලංකාවේ ඖෂධ ක්‍රියාවලිය විධිමත්ව සහ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනයේත් මෙරට බටහිර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් සහ ඖෂධ ආනයනය කරන සමාගම් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ඔවුන්ට මෙම තත්ත්වය පැහැදිලි කළා. ඒ වගේම ඔවුනට ඉලක්කයක් ලබා දුන්නා. යම් කාල සීමාවක් තුළ සැපයිය හැකි සහ නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග මොනවද කියලා අප වෙත දැනුම් දෙන ලෙස. එම ඉලක්ක සම්පූර්ණ කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වෙනවා රාජ්‍යයන් සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට. එයයි ගෙවුනු කාල පරිච්ඡේදය තුළ මතු වී තිබෙන ඖෂධ ගැටලුවට රජයක් ලෙස අපට ලබාදිය හැකි සාධාරණතම විසදුම. අපට අවශ්‍ය වන්නේ මෙරට පුරවැසියාට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීමට ක්‍රියා කිරීම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?