ඖෂධවල හිඟයට හේතුව සෞඛ්‍ය ඇමති පහදයි

වර්තමානයේ පවතින ඇතැම් ඖෂධවල හිඟයට හේතුව ගෙවුණු 2024 වසරේ නියමිත පරිදි, නියමිත කාලසීමාව තුළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව තීන්දු තීරණ නිසියාකාරව නොගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊට හොඳම උදාහරණයක් ලෙස 2025 වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම සඳහා, 2024 වසරේ පළවෙනි මාස පහේ දී ම ටෙන්ඩර් කර ඇත්තේ ඖෂධ වර්ග 67ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඊයේ (24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.

පසුගිය වසර කිහිපයක් තුළ ප්‍රම්පාදන ක්‍රියාවලිය අතරමග නවත්වා තිබුණු ඖෂධ වර්ග 233 ක් සඳහා ටෙන්ඩර් මේ වන විට ලබා දී තිබෙන බවත්, 2025 මෙම වසරේ පළමු මාස 05 තුළ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග 233ක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රජයේ රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධවලින් 65%ක් මෙරටට ආනයනය කරන ඖෂධ වන බවත්, එමෙන්ම 35% ක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන බවත්, ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට ආරම්භක අවස්ථාවේ සිට ඖෂධ ලබාගෙන බෙදාහැරීම දක්වා මාස 09ක පමණ දීර්ඝ කාලයක් ගතවන අතිශය සංකීර්ණ කාර්යක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

“මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකට යම් කාලයක් ගත වනවා. 2026 ලබන වසර සඳහා රාජ්‍ය ඖෂධ තීතිගත සංස්ථාව මගින් ඖෂධ වර්ග 450 ක් සැපයිය යුතුයි. ඒ 450 න් 435 කට අඳාළ ටෙන්ඩර් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙන්නේ. එයින් 418 කම ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් අවසන්. එයින් ඖෂධ වර්ග 325 ක් අවශ්‍ය ඇගයීම් කටයුතු සදහාත් මේ වන විටත් යවා අවසන්. අපි මේ දිනවල ශ්‍රී ලංකාවේ ඖෂධ ක්‍රියාවලිය විධිමත්ව සහ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ක්‍රියා මාර්ග රාශියක් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනයේත් මෙරට බටහිර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් සහ ඖෂධ ආනයනය කරන සමාගම් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ඔවුන්ට මෙම තත්ත්වය පැහැදිලි කළා. ඒ වගේම ඔවුනට ඉලක්කයක් ලබා දුන්නා. යම් කාල සීමාවක් තුළ සැපයිය හැකි සහ නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග මොනවද කියලා අප වෙත දැනුම් දෙන ලෙස. එම ඉලක්ක සම්පූර්ණ කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වෙනවා රාජ්‍යයන් සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට. එයයි ගෙවුනු කාල පරිච්ඡේදය තුළ මතු වී තිබෙන ඖෂධ ගැටලුවට රජයක් ලෙස අපට ලබාදිය හැකි සාධාරණතම විසදුම. අපට අවශ්‍ය වන්නේ මෙරට පුරවැසියාට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීමට ක්‍රියා කිරීම.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23