නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් සිව්දින නිල සංචාරයක් සදහා ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ දූත පිරිස ලෙස තවත් සිව්දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස ඊයේ (24) රාත්‍රී 11.00ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ලබන 28 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?