සජබ අපේක්ෂකයෙකු වූ බන්දුල ප්‍රසන්නට වෙඩි තැබීමට සහාය දුන් තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට මැයි 04 වන දා සවස් කාලයේ දී යතුරුපැදියකින් පැමිණ, වෙඩි තැබීම සිදු කරන ලද ගිනිඅවිය සහ ඊට යොදාගත් යතුරුපැදිය ද සමග එම වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්‍ෂණයක් ආරම්භ කළ කළුතර අපරාධ කොට්ඨාසය, පයාගල පොලිස් වසමේ අක්කර 16 ප්‍රදේශයේ දී මහමඟ ගමන් ගත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී එම යතුරුපැදිය සොරකම් කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඉන්පසුව එම යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ මොහු විසින් සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් ඇති බවත්, එය පයාගල ප්‍රදේශයේ ම තිබී තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගැනුණු බවයි.

කළුතර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය අංගම්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බවත්, එම නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

කළුතර – නාගොඩ ප්‍රදේශයේ දී බන්දුල ප්‍රසන්න නමැත්තාට වෙඩි තැබීමට මෙම ගිනිඅවිය යොදාගෙන ඇති බවට සිදු කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොවුන් විසින් මෙම ආකාරයට සොරා ගන්නා ලද යතුරුපැදි හතරක් කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් පයාගල ප්‍රදේශයේම විවිධ ස්ථානවල සඟවා තිබී පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ කළුතර නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබමට පැමිණි යතුරුපැදිය ද පයාගල ප්‍රදේශයේම සඟවා තිබියදී සොයා ගත් අතර,මෙම යතුරුපැදි ද කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බවට ද තොරතුරු අනාවරණය වූ බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම අපේක්ෂකයාට වෙඩි තැබීමෙන් අනතුරුව එම ගිනිඅවිය රැගෙන යාමට ද සැකකරුවන් කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දූරකථන තුනක් ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?