සජබ අපේක්ෂකයෙකු වූ බන්දුල ප්‍රසන්නට වෙඩි තැබීමට සහාය දුන් තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට මැයි 04 වන දා සවස් කාලයේ දී යතුරුපැදියකින් පැමිණ, වෙඩි තැබීම සිදු කරන ලද ගිනිඅවිය සහ ඊට යොදාගත් යතුරුපැදිය ද සමග එම වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්‍ෂණයක් ආරම්භ කළ කළුතර අපරාධ කොට්ඨාසය, පයාගල පොලිස් වසමේ අක්කර 16 ප්‍රදේශයේ දී මහමඟ ගමන් ගත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේ දී එම යතුරුපැදිය සොරකම් කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඉන්පසුව එම යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ මොහු විසින් සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් ඇති බවත්, එය පයාගල ප්‍රදේශයේ ම තිබී තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගැනුණු බවයි.

කළුතර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය අංගම්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බවත්, එම නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

කළුතර – නාගොඩ ප්‍රදේශයේ දී බන්දුල ප්‍රසන්න නමැත්තාට වෙඩි තැබීමට මෙම ගිනිඅවිය යොදාගෙන ඇති බවට සිදු කළ වැඩිදුර විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොවුන් විසින් මෙම ආකාරයට සොරා ගන්නා ලද යතුරුපැදි හතරක් කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් පයාගල ප්‍රදේශයේම විවිධ ස්ථානවල සඟවා තිබී පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ කළුතර නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබමට පැමිණි යතුරුපැදිය ද පයාගල ප්‍රදේශයේම සඟවා තිබියදී සොයා ගත් අතර,මෙම යතුරුපැදි ද කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බවට ද තොරතුරු අනාවරණය වූ බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම අපේක්ෂකයාට වෙඩි තැබීමෙන් අනතුරුව එම ගිනිඅවිය රැගෙන යාමට ද සැකකරුවන් කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දූරකථන තුනක් ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42