කොත්තමල්ලි නිසා දරු ගැබ අහිමි විය හැකියි – සෞඛ්‍යවේදීන්ගෙන් හෙළිදරව්වක්

පවතින වසංගත තත්ත්වය ආරම්භ වූ මුල් කාලයේ සිට එයට මුහුණ දීම සඳහා කොත්තමල්ලි පානය කිරීමට මෙරට ජනතාව බොහෝ සෙයින් පෙළඹුණා.

මේවන විට වසංගත තත්ත්වයේ තෙවැනි රැල්ල මෙරටට දැඩි ලෙස බලපෑම් කරන පසුබිමක කොත්තමල්ලි පානය කිරීමේ ප්‍රවණතාව නැවතත් මතු වී තිබෙනවා.

කෙසේ වෙතත් කොත්තමල්ලි පානය පිළිබඳව ජනතාව තුළ පවතින දැඩි විශ්වාසය සම්බන්ධයෙන් සෞඛ්‍යවේදීන් අදහස් පළ කර තිබෙනවා.

පමණ ඉක්මවා කොත්තමල්ලි පානය කිරීම තුළින් රෝග සුව නොවන බව ඔවුන් පවසනවා.

ඕනෑම ඖෂධයක් භාවිත කළ යුත්තේ නිසි පමණට බවත්, පමණ ඉක්මවූ පසු ඕනෑම ඖෂධයක් අහිතකර විය හැකි බවත්, මෙය කොත්තමල්ලිවලට ද පොදු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එනිසා කොත්තමල්ලි පමණක් නොව ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම අරමුණු කොට ගෙන භාවිත කරන සියළු ඖෂධ ආදිය නිසි පමණට භාවිත කරන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙනවා.

එමෙන්ම සෞඛ්‍යවේදීන් අවධාරණය කරන්නේ ගර්භනී කාන්තාවන් මේ පිළිබඳව දැඩි අවබෝදයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

ස්ත්‍රී රෝග සහ ප්‍රසූති විශේෂඥ වෛද්‍ය සුරංගි සංජීවනී පෙරේරා පවසන්නේ කොත්තමල්ලි පානය කිරීම හරහා දරු ගැබ අහිමි වීමට පවා ඉඩ ඇති බවයි.

විශේෂයෙන් මාස 03 නොපිරිණු ගැබිණි කාන්තාවන්ට මෙම අවදානම වැඩි බවත් ඇය පෙන්වා දෙනවා.

මේ අතර කොත්තමල්ලි පමණක් නොව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිසි උපදෙස්වලින් තොරව කිසිදු ඖෂධයක් පරිභෝජනය කිරීමට ගැබිණි කාන්තාවන් නොපෙළඹිය යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔවුන් යළි යළිත් අවධාරණය කරන්නේ බටහිර ඖෂධ මෙන්ම ආයුර්වේද ඖෂධ ද භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක්වන බවයි.

මේ අතර ෆේස්බුක් සහ යූටියුබ් වැනි වෙබ් අඩවි ඔස්සේ විවිධ පිරිස් විවිධ ඖෂධ වට්ටෝරු ආදිය සහ සිදු කළ යුතු පිළිවෙත් ආදිය වගකීමකින් තොරව පළ කරන බව පෙන්වා දෙන සෞඛ්‍යවේදීන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, එවන් දෑ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීමෙන් භයානක ප්‍රතිඵල පවා අත් විය හැකි බවට යි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34