පරාජිත කණ්ඩායම් වෙත යුද්ධය ආස්වාදයක් වුණත් අපට යුද්ධය ඛේදවාචකයක් – ජනපති (වීඩියෝ)

අහිමි බලය ලබා ගැනීම හා හිමි බලය රඳවා තබා ගැනීමට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඇතැම් කණ්ඩායම් යුද්ධය, ජාතිවාදය, වෛරය සහ ගැටුම් ඇති කරලීමට ව්‍යර්ථ වෑයම් දරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස පැවැත්වෙන 16 වැනි යුද විජයග්‍රහණයේ ජාතික රණවිරු සැමරුම් උලෙළට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

තිස් වසරකට වැඩි කුරිරු යුද ඛේදවාචකයින් පවසන්නේ යළිත් එවැනි සිදුවීම් මෙරට තුළ සිදු නොවිය යුතු බවත්, එම බිහිසුණු අත්දැකීම්වලින් අපට පෙන්වන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක අත්‍යවශ්‍යතාව බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

සැකයෙන්, වෛරයෙන්, කෝපයෙන් තොර රාජ්‍යයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවත්, මව්බිම වෙනුවෙන් ජීවිතය මෙන්ම සිය සිරුරේ කොටස් පවා දන් දුන් විරුවන් වෙනුවෙන් ලබාදිය හැකි නිසි ගෞරවය වන්නේ යළි ගැටුමක්, වෛරයක් නොමැතිව සහෝදරත්වයෙන් හා ආදරෙයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීම බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

යුද්ධය යනු ස්වාභාවික ව ඇති වූවක් නොවන බැවින්, බලය විසින් කරන ලද අපරාධ වසා ගැනීමට යුද ජයග්‍රහණ ඇතැමුන් ‍යොදා ගන්නා බවත්, එය එසේ නොවන්නේ නම් යුද්ධය අවසන් කිරීමට ශක්තිය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි චරිත අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් නිරපරාදේ සිරගත කිරීමක් සිදු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

නීතිය හා යුක්තිය යැයි ඇතැම් කාරණා පෙන්වාදෙමින් යුද ජයග්‍රහණ මුවාවෙන් බලය යොදාගත් බව ද ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා.

එබැවින් ශ්‍රී ලංකාව නමැති මාතෘභූමියට අවැසි වන්නේ ඇතැම් පරාජිත කණ්ඩායම්වලට ආස්වාදයක් වූ යුද්ධය බවත්, එය එසේ නොවන බැවින්, යුද්ධය යනු ඛේදවාචකයක් බවට වත්මන් රජය තරයේ විශ්වාස කරන බවත්, සදාකල්හි ම මාතෘභූමියට මෙන් ම ජනතාවටත් අනුලංගනීය ලෙස අප ප්‍රේම කරන බව ද ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් අවසන් වශයෙන් සඳහන් කළා.

  1. කතාව සත්‍යයි. සැබෑවටම සිංහල හා දමිල ජන සංහාරය එලි කර ගැනීමට 2019 ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන් රාජ්‍ය යන්ත්‍රණයට හා දේශපාලනයට රිංගා කල පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ සත්‍ය එලිකර බෞද්ධ ලංකාව අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ ඇෆ්ගනිස්තානය කීරීමට යන සැබෑම කුමන්ත්‍රණය හා ආක්‍රමණය පරාජය කරමු. යුද්ධය හරහා සංහාරය කල සිංහල හා දමිල ජනතාවට ස්ථිරවම කල හැකි ගෞරවය එයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30