බ්ලූමැන්ඩල් සිරිසදසෙවන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී ඊයේ (18) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.
රිසදසෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින 41 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
මෙම පුද්ගලයා පරවියන් අලෙවි කිරීමේ කාර්යයේ නිරත වූ අයෙක් බවයි වාර්තා වන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට පොලිසිය සැක පළ කරනවා.
ඩුබාහි සැගව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන චමින්ද උදයංග හෙවත් ‘බොනිස්ටා නිපුන’ගේ පාර්ශ්වය විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයා වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටින අවස්ථාවේදී මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් විසින් ඔවුන් පැමිණි යතුරුපැදිය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණය අසල දමාගොස් තිබිය දී පොලිසිය සොයාගනු ලැබුවා.




