බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි

බ්ලූමැන්ඩල් සිරිසදසෙවන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී ඊයේ (18) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

රිසදසෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින 41 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා පරවියන් අලෙවි කිරීමේ කාර්යයේ නිරත වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඩුබාහි සැගව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන චමින්ද උදයංග හෙවත් ‘බොනිස්ටා නිපුන’ගේ පාර්ශ්වය විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයා වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටින අවස්ථාවේදී මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් විසින් ඔවුන් පැමිණි යතුරුපැදිය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණය අසල දමාගොස් තිබිය දී පොලිසිය සොයාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47