ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

දශක තුනකට වැඩි කාලයක් රට වෙළාගෙන සිටි රුදුරු ත්‍රස්තවාදය තුරන් කර ලැබූ යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික රණවිරු සැමරුම් උත්සවය” අද (19) පැවැත්වෙනවා.

ඒ, සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 4.00ට ආරම්භ වන්නේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයි.

පස්වරු 6.00 දක්වා පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මාර්ග වසා දැමීමක් සිදු නොකරන බවයි පොලිසිය පැවසුවේ.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව කොළඹින් පිටවන වාහනවලට පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන්කර පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.

කොළඹට ඇතුළුවන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?