ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

දශක තුනකට වැඩි කාලයක් රට වෙළාගෙන සිටි රුදුරු ත්‍රස්තවාදය තුරන් කර ලැබූ යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික රණවිරු සැමරුම් උත්සවය” අද (19) පැවැත්වෙනවා.

ඒ, සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පස්වරු 4.00ට ආරම්භ වන්නේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයි.

පස්වරු 6.00 දක්වා පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මාර්ග වසා දැමීමක් සිදු නොකරන බවයි පොලිසිය පැවසුවේ.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව කොළඹින් පිටවන වාහනවලට පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන්කර පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.

කොළඹට ඇතුළුවන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කිරීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20