UPDATE: අල්ලස් කොමිසම චාමරට එරෙහිව ඉල්ලූ ඉල්ලීම අධිකරණය ඉවතට දමයි (වීඩියෝ)

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු වීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බැවින් මෙම සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප අවලංගු කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මාධ්‍ය හමුව චාමර සම්පත් දසනායකගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකර ඇති බව ඔහු ඉකුත් අප්‍රේල් මස 28 වැනිදා අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටි බැවින් සැකකාර චාමර සම්පත් දසනායකගේ ඇප අවලංගු කර ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සැකකාර චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ මැදිහත්වීමක් නොමැති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

දෙපාර්ශ්වයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර චාමර සම්පත් දසනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බව ද පෙන්වා දෙමින් එම කොමිසමේ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26