2018 දී මත්කුඩු කිලෝ 179කට වැඩි ප්‍රමාණයක් ගෙනා විත්තිකරුවන් තිදෙනාට මරණ දණ්ඩනය

2018 වසරේ දී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේ දී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළා.

2018 වසරේ දෙසැම්බර් මස පස් වන දා බේරුවල ධීවර වරාය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 179යි ග්‍රෑම් 180කට අධික ප්‍රමාණයක් බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරුවන් 08 දෙනකු නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ මේ විත්තිකරුවන් අතුරින් තුන්දෙනෙකුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ එම විත්තිකරුවන් තුන්දෙනා කියා සිටියේ තමන් නිර්දෝෂී පුද්ගලයින් බවයි.

ඒ අනුව තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් එම විත්තිකරුවන් තුන්දෙනාට අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති නිසා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12