2024-2025 සා/පෙළ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණය ගැන නිවේදනයක්

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවල දී පැවැත්වෙනු ඇති.

40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නැටුම් (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නැටුම් (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)

ඉහත සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්යය වන බව දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදු නොකර බව සඳහන්.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වනවා.

ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා තිබෙනවා.

තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.

යම්කිසි අවශ්‍යතාවක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි බව වැඩිදුරටත් දැනුම් දීමේ හැකියාව පවතිනවා.

දුරකථන අංක – 011-2784537, 2786616, 2784208, 011-2786200, 2784201

විද්‍යුත් ලිපිනය – [email protected]

ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22