හරක්කටාගෙන් දේශබන්දුට හා ටිරාන්ට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයට පත් හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා.

අද (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ඔහු ව රැගෙන යන අතරතුරදියි සැකකාර හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ.

තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහත කී ප්‍රබලයින් හට අදාළ මුදල ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කරන්නේ.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (14) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

එම නියෝගයෙන් අනතුරුව අධිකරණයෙන් එළියට පැමිණෙමින් සැකකාර හරක්කටා මෙම ප්‍රකාශය සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56