බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ මාරක රිය අනතුරකින් දෙදෙනකු මරුට

ඊයේ (13) රාත්‍රී කාලයේ මාතර පොලිස් වසමේ මාතර – තංගල්ල වෙරළ මාර්ගයේ බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ බස් රථයක ඊට පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී ලිස්සා ගොස් එම බස් රථයට යටවීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මරණකාරිය වයස අවුරුදු 23 ක් වූ වීරවිල පදිංචිකාරිණියක් වන අතර මරණකරු වයස අවුරුදු 30ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?