Update – ගැරඬිඇල්ල බස් අනතුර ගැන සොයන්න ප්‍රවාහන නි.ඇමති සහ කතානායක අනතුර සිදුවූ තැනට – මරණ ගණන 21ක් දක්වා ඉහළට

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් 21 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

Update – Sunday, May 11, 2025, 12.25PM

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද (11) අලුයම අනතුරට ලක් වුණා.

මෙම අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහාන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ කතානායක ජගත් වික්‍රමරත්න එම ස්ථානයට පැමිණ තිබෙනවා.

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 19 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තවත් පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැක පළකරනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?