Update – ගැරඬිඇල්ල බස් අනතුර ගැන සොයන්න ප්‍රවාහන නි.ඇමති සහ කතානායක අනතුර සිදුවූ තැනට – මරණ ගණන 21ක් දක්වා ඉහළට

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් 21 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

Update – Sunday, May 11, 2025, 12.25PM

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද (11) අලුයම අනතුරට ලක් වුණා.

මෙම අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහාන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ කතානායක ජගත් වික්‍රමරත්න එම ස්ථානයට පැමිණ තිබෙනවා.

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 19 දෙනෙක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තවත් පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැක පළකරනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04