ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව කොළඹ වරායට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (09) කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකුලව නෞකාව පිළිගැනීම සිදුකරනු ලැබුවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි Hydrographic vessel වර්ගයට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව, දිගින් මීටර් 80.65ක් වන අතර, එහි නැව් මුළුව 58ක දෙනෙකුගෙන් සමන්විත වනවා.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් BERTHEAU Dimitri කටයුතු කරනු ලබනවා.

මෙම නිල සංචාරයේදී ‘BEAUTEMPS BEAUPRE’ නෞකාවේ අණදෙන නිලධාරී හා කාර්ය මණ්ඩලය විසින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නිල හමුවීම් සිදුකර, ජල ශාස්ත්‍රීය සේවාව හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර, නිල සංචාරයෙන් අනතුරුව නෞකාව ලබන 13 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?