ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව කොළඹ වරායට

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (09) කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකුලව නෞකාව පිළිගැනීම සිදුකරනු ලැබුවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි Hydrographic vessel වර්ගයට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව, දිගින් මීටර් 80.65ක් වන අතර, එහි නැව් මුළුව 58ක දෙනෙකුගෙන් සමන්විත වනවා.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් BERTHEAU Dimitri කටයුතු කරනු ලබනවා.

මෙම නිල සංචාරයේදී ‘BEAUTEMPS BEAUPRE’ නෞකාවේ අණදෙන නිලධාරී හා කාර්ය මණ්ඩලය විසින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නිල හමුවීම් සිදුකර, ජල ශාස්ත්‍රීය සේවාව හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර, නිල සංචාරයෙන් අනතුරුව නෞකාව ලබන 13 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04