නායක අසලංකගේ හා ධනාගේ පෙත්සම්වලට අධිකරණයෙන් දින දෙයි

ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එමෙන්ම මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේ දැයි වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතාට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන ව්නිසුරුවරු ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

2023 වසරේ ජනවාරි මස 01 වනදා සිට අදාළ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඔහු පෙන්වා දුන්නා.

ක්‍රිකට් ක්‍රීඩාව යනු අවදානම්සහගත රැකියාවක් බවත් තම සේවාදායකයින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු දීමනාවලට හිමිකම් නොකියන බවත් නීතිඥවරයා සඳහන් කළා.

එබැවින් මෙම කරුණු මත පදනම්ව පමණක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව තිබෙන බවත් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට දන්වා සිටියේ කරුණ මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේ දැයි සොයා බලා මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙස නියම කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14