හොරෙන් ගෙනා විස්කි බෝතල් එයාර්පෝට් එකේදී පොළොවේ ගැසූ මගියා හිරේට

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියෙකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලීසිය පියවර ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු, ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා ඊයේ (04) උදෑසන 07.48 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

ඔහු විසින් ගෙන ආ ගමන් මළු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්ම වූ විස්කි බෝතල් තොගයක් ද සඟවාගෙන තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී , ඒවා පොළොවේ ගසමින්, රේගු නිලධාරීන්ට බාධා කර ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබද රේගු නිලධාරීන් විසින්, කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට දැනුවත් කිරීමෙන් පසු, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනුණා.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ, රාජකාරිය ඉටු කිරීමට නොදී අඩත්තේට්ටම් කිරීම යන චෝදනා මත මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළඹෙන 09 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?