හොරෙන් ගෙනා විස්කි බෝතල් එයාර්පෝට් එකේදී පොළොවේ ගැසූ මගියා හිරේට

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියෙකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලීසිය පියවර ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු, ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා ඊයේ (04) උදෑසන 07.48 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

ඔහු විසින් ගෙන ආ ගමන් මළු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්ම වූ විස්කි බෝතල් තොගයක් ද සඟවාගෙන තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී , ඒවා පොළොවේ ගසමින්, රේගු නිලධාරීන්ට බාධා කර ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබද රේගු නිලධාරීන් විසින්, කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට දැනුවත් කිරීමෙන් පසු, මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනුණා.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ, රාජකාරිය ඉටු කිරීමට නොදී අඩත්තේට්ටම් කිරීම යන චෝදනා මත මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළඹෙන 09 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14