අමානුෂිකව කාවින්ද ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙක් අල්ලයි

පසුගිය පළමු වනදා දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී ඊයේ (02) සවස් කාලයේ ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී අපරාධයට උපයෝගී කරගත් ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රත්මලාන, මහින්දාරාම පාරේ පදිංචිව සිටි කාවින්ද ගයාෂාන් රණවක නැමැති 23 හැවිරිදි තරුණයා ඝාතනය කර සිටිය දී පසුගිය 01 වනදා දහවල් සොයාගැනුනේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?